Showing posts with label life. Show all posts
Showing posts with label life. Show all posts

සංවර්ධනය හෙවත් බල්ලෝ pet food කති.

එකෝමත් රටක
එක්තරා කාලයක් විය
බල්ලෙක් මලත් මහමග
පනහක් හැටක් රොක්වන*










[මනුෂ්‍යත්වයේ කාලය ඉකුත් විය]

පනහක් හැටක් මිනිසුන්
වැටී මල විට අද මග.
බල්ලෙක්වත් නැත බලන්නට.


උන් මහ ගෙවල්වල
pet food කති;
නිදති;
උඩුබුරලති.
හවසට walk යති.
යලිත් එති;
Pet food කති;
නිදති.

[*කලකට පෙර රන්බණ්ඩා සෙනෙවිරත්නයන් කල ප්‍රකාශයක් ඇසුරෙනි.පනහක් හැටක් මිනිසුන් එකතැන මරා දැමූ යුගය ඉක්බිති උදා විය. අප දැන්  දස දහස් ගණන් මිනිසුන් සුනු විසිනු කල යුගයක් පසු කර ඇත්තෙමු.ඉදිරියේ ඇත්තේ සංවර්ධනය යැයි උගත්හු පවසති.ඇති තතු දත්තෝ මෙසේ අසති. සංවර්ධනේ නොවී මෙච්චර ගියා නම් සංවර්ධනේ වෙන කොට කොහොම යයිද?මේ වදන් පෙළ  වනාහී පූර්වසංවර්ධන පෙරනිමිත්තකි.]