Showing posts with label military. Show all posts
Showing posts with label military. Show all posts

තැබෑරුමකදී...

තැබෑරුමකදී 

ඇකිලෙමි තවත් මම 
කුරුබිලිය ඇතුලට 
නිදිමත නැති වුනත් 
මත්වෙමි නිද්‍රාගත වනු පිණිස.. 

අතෙකින් කම්හල්ය; 
දුම්රොටු දුලි නංවන
 ගං ඇල දොළ වල්ය; 
සත පැන් පවස නොනිවන 
පන්සල් දොරවල්ය; 
බියපත් දනට නොඇරෙන 
රයිපල් කටවල්ය;
උන්ගේ හඬට දික්වන 

පෙත්සම් ලියුම් කරදහි පල නොමැත ඉතින් 
වෙඩි හඬ ඇසුණු විට පන්හිඳ පැලී ගිහින් 
ලියවෙන කුරුටු විළිලන විටදී පණබියෙන් 
මත්වෙමු; නිදමු; රැකගනු පිණිස දිවි සෙමෙන්.

BLOOD IN WATER



බොන්නට වතුර උගුරක්වත් නැති අඩුව
කෑ මොර දිදී කියනා කල අවනඩුව 
මහා උන් කරන් සොල්දාදුවන් තම අඬුව 
අසරණයට කොටයි යුද්දෙට නැති කඩුව