පෙම්බර දෙමළියට

පෙම්බර දෙමළියට


ඒ ගලපු ලේ වලින් 
තෙත්වෙලා ගල්ගැහුණු
නුඹේ හිත පොඟවන්න
මගෙ ආදරය මදි 

ගල් ගැහුණු  ඔය හිත 
එකවරම පුපුරන්න 
රෝස මල් පොකුරක 
එකම කටුවක් ඇති 


අසූ තුන මට මතක නෑ

අසූ තුන මට මතක නෑ

-------------------------
අසූ තුනේ කළු ජූලිය ගැන ගොඩක් දෙනා කතා කරනව. මට අසූ තුන ගැන තියෙන්නෙ මතකයක ඡායාවක් විතරයි. මම ඉස්කෝලෙ ඉන්නකොට තාත්තා ඇවිත් මාව ඉස්කෝලෙන් කලින් එක්කරගෙන ගියා මතකයි. පාරෙ ලොකු කලබලයක් වගේ දෙයක් තිබුණත් ලාවට මතකයි. ඊට වඩා දෙයක් මට ඒ ගැන මතක නෑ.
අසූ හතරෙදි මම ඉගෙන ගත්තෙ වෙන ඉස්කෝලෙක. ඉන්දිරා ගාන්ධිට වෙඩි තිබ්බ එක ගැන වැඩිහිටියො කතා වුණා මට මතකයි. “දැන්නම් ඉතින් කොටින්ට නටන්න වෙන්නෙ නැහැ.“ කවුරුහරි කෙනෙක් කිව්ව. කොටිය කියන සතා ගැන එච්චර වැටහීමක් මට තිබුණෙ නැහැ. කොහොම උනත් අපිව කන්න ඉන්න කොටින්ට නටන්න බැරිවීම ගැන මට සතුටක් ඇති වුණා.
පස්සෙ මම පත්තර කියවන්න ගත්ත. දිවයින ඉරිදා සංග්‍රහය. ඒකෙ වීරය තමයි සුනිල් අයියා (සුනිල් මාධව ප්‍රේමතිලක). ජනක රත්නායකයි විනී හෙට්ටිගොඩයි ඒකට චිත්‍ර ඇන්ද. ජනකට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන්. හැබැයි මගෙ හිත ඇදිල ගියේ විනී හෙට්ටිගොඩගෙ චිත්‍රවලට. එයා මාර විදිහට සංකල්ප චිත්‍රවලට ගන්නව. එයාට මම කොච්චර කැමති වුනාද කියනව නම් මම විනි හෙට්ටිගොඩ විදිහට අකුරු ලියන්නත් පුරුදු වුණා.
දිවයින පත්තරෙන් මගේ ‘කොටි‘ ගැන දැනුම පුළුල් වුණා. ගම්මාන වලට ‘කොටි ගහපු‘ හැටි, හාමුදුරුවොන්ට කොටි ගහපු හැටි මම දිවයිනෙන් කියෙව්ව. මම යාලුවොත් එක්ක වගේම වැඩිහිටියොත් එක්කත් ‘කොටි‘ ගැන සාකච්ඡාවලට ගියා. "අසූ තුනේදිම ඕක ඉවරයක් කරල දැම්මනම් ඉවරයි" සමහරු කිව්ව. අසූ තුන ගැන අපැහැදිලි මතකය ආයෙත් මගෙ හිතේ මතුවෙලා නැතිවුණා.
ඊට පස්සෙ පත්තරෙන් විතරක් නෙමෙයි, ටීවි රේඩියෝ හැම එකෙන්ම මට යුද්ධෙ ගැන අහන්න දකින්න ලැබුණ. ඛේදවාචක ගොඩක් සිද්ධ වුණා. කොච්චර ඛේදවාචක වුනාද කිව්වොත් ඛේදවාචක ගැන සිංදු කියපු ඇන්ටන් ජෝන්ස් සිංදු කියන එක නවත්තල දැම්ම. ඔය අස්සෙ "අපි සහයෝගෙන් ඉන්න ඕන" කියල කියන සිංදු ඇහෙන්න පටන් ගත්ත. "තෝෂේ මෂල වඩේ" සිංදුව සංගිත සංදර්ශනවල නැගල ගියා. "අපිට ෂහයෝගෙන් ඉන්න තිබ්බ එකනෙ අප්පා මේ ඩර්ටි පොලිටික්ස්වලින් නැතිවුණේ" සංගීත කණ්ඩායමේ සිංදු කියන අයියලා සිංදුව මැද්දෙ එහෙම කිව්ව.
සංගීත සංදර්ශනවල විතරක් නෙමෙයි, ඊට පස්සෙ දේශපාලන වේදිකාවලත් මේ ගැන කතා වෙනව ඇහුණ. "අසූ තුනට කලින් එල්ටීටීඊ එකට දෙමල ජනතාව අතර පිලිගැනීමක් තිබ්බෙ නැහැ. අසූ තුනේ කරපු වැරදිවලින් තමයි මේ ප්‍රශ්නෙ මෙහෙම වුණේ" ඒවට ආපු අය කිව්ව. කොහොම වුනත් මට අසූ තුන මතක් කරගන්න හැකිවුණේ නෑ.
තවත් කාලෙකට පස්සෙ යුද්ධෙ ඉවර වුණා. යුද්ධෙ ඉවර වුණාමත් මම සංගීත සංදර්ශනයක් බලන්න ගියා, තෝෂේ මෂල වඩේ සිංදුව අහන්නත් එක්ක. එදා අයියලා ඒක කිව්වෙ නැහැ. ඒ වෙනුවට එයාල කිව්ව "අත උස්සල ගහන්න මල්ලි අප්පුඩියක් - දැන් අපිට නිදහසේ සිංදු කියන්න පුළුවන් රටක් තියනව කියල" අලුත් සිංදු ටිකත් නැගල ගියා. කොච්චරද කියනව නම් බස්වල ටීවීත් දාල එව්ව පෙන්නුව.
ඔහොම යනකොට යුද්ධෙදි වෙච්ච අපරාධ ගැන සුද්දො විභාග කරන්න හදනව කියල කතාවක් ආව. සුද්දො තාම අපිව යටත් කරගන්න හදන උත්සාහයට විරුද්ධව ජනයා පෙල ගැහුන. කට්ටියක් කොලඹ තොවිලෙකුත් කලා. කොහොම වුණත් ඒ තොවිලෙට ආවෙ නම ගිය යකැදුරෝ බෙරකාරයො එහෙම නෙමෙයි.
ඊට පස්සෙ එක එක දේවල් සිදුවුණා. ඒ අස්සෙ අර නටපු අය, බෙර ගහපු අය හොදට පුහුණුවෙලා තිබුණ. දැන් එයාලට ලෝකෙ තියන හොදම තොවිලෙ උනත් නටන්න පුළුවන් තරම් වෘත්තියභාවයක් තියනව.
මේ දෙදාස් දාහතර. තවම මට අසූ තුන මතක නෑ. හැබැයි අසූ තුනේ උනේ මොකක්ද කියල දැන් මට හිතාගන්න පුළුවන්.
- නිශාන්ත කුලරත්න

https://www.facebook.com/nishantha.kularathne

~මම දෙමළ~


~මම දෙමළ~


වීරසේනගෙ වැඩ තහනමට
රෙදි මෝලේ ගිනිගහන ඉර යට උගුර ලේ රහ වෙනකම්ම කෑ ගගහ පිකටින් ඇවිළුව මම දෙමළ.
වීරෙට වැඩ ලැබුනු පණිවිඩයට "නඩේ සහෝදරයට ජයවේවා" රජෙක් සේ උඹලා උස්සන් ගිය මම දෙමළ.
වෙඩි තිබ්බ වැඩ වැරුමට වෙඩි වැදුනු සිරිපාලව අත් දෙකෙන් උස්සන් හුස්මට දෙකට මහ රෝහලට පියාඹපු මම දෙමළ.
සේලයින් වැල් ඇමිණුව ඇඳ ලඟ "නඩේ මම ණයයි පණ බේරුවට" සිරා බදාගෙන ඇඬුව මම දෙමළ.
රෝහලෙන් ඉල්ලූවෙ නැහැ සිංහල ලේ ගැබ්බර කුසුමට පණ අදින. ලියලා තිබුනෙ ඇඳ ඉහපත "ඕ නෙගටිව්" මට විතරක් තිබුන මම දෙමළ.
හෑල්ලූව ලත් සැණින "පුතේ උඹ අයිති නඩේ මාමට" පොඩි එකා මගෙ අතට දුන්නට මම දෙමළ.
වීරෙ උඹේ හඬ ඇහෙනවා පිකටින් කරන දෙමළු මරල හරි සාමය ඕනැයි කියන.
සිරෝ ඉස්පිරිතාලයක් නැහැ මට ෂෙල් වලට කුඩු වුනු සමතලා ගල්කෑලි බිල්ඩිම මිස. කුසුමියේ "ඕ නෙගටිව්" ලේ ගලනවා හතර අත උරන්නෙත් නැහැ වටිනකමක් දන්නැති ගල් කාශ්ඨක පොළොවට.
සනුහරේ අමු සොහොණ ලඟ දරු මුණුපුරන් යායට මැරුණ පණ අදිනවා මම දැං තනියම මම දෙමළ...෴

සංවර්ධනය හෙවත් බල්ලෝ pet food කති.

එකෝමත් රටක
එක්තරා කාලයක් විය
බල්ලෙක් මලත් මහමග
පනහක් හැටක් රොක්වන*










[මනුෂ්‍යත්වයේ කාලය ඉකුත් විය]

පනහක් හැටක් මිනිසුන්
වැටී මල විට අද මග.
බල්ලෙක්වත් නැත බලන්නට.


උන් මහ ගෙවල්වල
pet food කති;
නිදති;
උඩුබුරලති.
හවසට walk යති.
යලිත් එති;
Pet food කති;
නිදති.

[*කලකට පෙර රන්බණ්ඩා සෙනෙවිරත්නයන් කල ප්‍රකාශයක් ඇසුරෙනි.පනහක් හැටක් මිනිසුන් එකතැන මරා දැමූ යුගය ඉක්බිති උදා විය. අප දැන්  දස දහස් ගණන් මිනිසුන් සුනු විසිනු කල යුගයක් පසු කර ඇත්තෙමු.ඉදිරියේ ඇත්තේ සංවර්ධනය යැයි උගත්හු පවසති.ඇති තතු දත්තෝ මෙසේ අසති. සංවර්ධනේ නොවී මෙච්චර ගියා නම් සංවර්ධනේ වෙන කොට කොහොම යයිද?මේ වදන් පෙළ  වනාහී පූර්වසංවර්ධන පෙරනිමිත්තකි.]

තැබෑරුමකදී...

තැබෑරුමකදී 

ඇකිලෙමි තවත් මම 
කුරුබිලිය ඇතුලට 
නිදිමත නැති වුනත් 
මත්වෙමි නිද්‍රාගත වනු පිණිස.. 

අතෙකින් කම්හල්ය; 
දුම්රොටු දුලි නංවන
 ගං ඇල දොළ වල්ය; 
සත පැන් පවස නොනිවන 
පන්සල් දොරවල්ය; 
බියපත් දනට නොඇරෙන 
රයිපල් කටවල්ය;
උන්ගේ හඬට දික්වන 

පෙත්සම් ලියුම් කරදහි පල නොමැත ඉතින් 
වෙඩි හඬ ඇසුණු විට පන්හිඳ පැලී ගිහින් 
ලියවෙන කුරුටු විළිලන විටදී පණබියෙන් 
මත්වෙමු; නිදමු; රැකගනු පිණිස දිවි සෙමෙන්.

BLOOD IN WATER



බොන්නට වතුර උගුරක්වත් නැති අඩුව
කෑ මොර දිදී කියනා කල අවනඩුව 
මහා උන් කරන් සොල්දාදුවන් තම අඬුව 
අසරණයට කොටයි යුද්දෙට නැති කඩුව
ඔහුට තිබුණා ගෙයක් නිදියන්න ඇඳක් නැති

ඔහුට තිබුණා ගමක් ඇවිදින්න මගක් නැති

ඔහුට තිබුණා රටක් හිනැහෙන්න ඉඩක් නැති

පිච්චියක් නොවටින




ජීවිතය ඉල්ලන දෙනෙතකින්

ගිනිකූරු ඉල්ලන මිනිසෙක් ද මම?

මහ මිනිස් ගිනි මැලයකින්

සුරුට්ටු පත්තු කළ පරපුරක

ලක්ෂයක් නෙත් වැසුණූ පරපුරක

පිච්චියක් නොවටින එකෙකි මම...

the 83 post





I have a very distance but a sharp  memory on ' the 83 post'.May be I was Four or five  when it happened. We, my mother and I  waited for my farther for a long time near a mile post.



"அன்பே காத்திருக்க" 


that is what my mother said when I asked where is Papa. 

So We just waited there. For an hour, then a day.


Then I remember I started  crying. If I didn't cry I wouldn't be able to write this. If we waited more I wouldn't be here to tell this.


'the 83 post'- the sharpest visual memory in my early child hood.

ජය වේවා !

Mahendran told Majid to tell Mathew to remind Malith; that today was his father's 30th death anniversary.

Malith told Mahendran he was sorry.

Mathew asked Malith whether he really was.

Majid replied, "I certainly hope he is."

Mathew went blank. Malith looked down in guilt.

As Mahendran shed a silent tear, Majid trembled in fear.

Fight of Irony

The sun shined on her face
Caressed her in a beautiful embrace
In her hair, a white flower she placed
A smile brightened up the July haze

The Sun slowly faded away
Blackened on its 23rd day
A little boy had come to play
And the darkness was here to stay

Smiles turned in to tears
Words churned in to fears
When she couldn't say the word bucket
He strapped her throat to the locket

The boy swung his blade
Her smile began to fade
In a ring of blazing fire
Her face melted in to the tire

Not seeing what was to come
Oblivious to what he had become
Not knowing what he had done
His war had already begun

He put his hand in to his pocket,
Pulled out a Gold Leaf packet,
From the fire that burnt on her hair,
He lit a cigarette with no despair

The smoke blew across the town,
In a wind that was black and brown,
With the darkness of its solemn frown,
The tears from the sky fell down

A year and a twenty nine later,
He looks back at the left over crater,
Trembling in guilt he cannot not cater,

He fights for peace, love and greater

Kill 'em all and be enlighten


With sorrow sunken eyes, Vishnu looked down upon Earth. To a depressed and dejected Mohammed he said; 
"Look, they have started fighting again. When will it ever end?"

"At least they aren't killing people in your name. They have forgotten the very fundamentals this religion was created upon.", said Mohammed, shaking his head.

The Buddha, who had been listening to their conversation, added the punch. 

"They've even started killing themselves in my name, setting themselves on fire. Suicide, in every sense of the word."

"Maybe it is time for me to go down there", said Maitriya, the next in line for enlightenment.

Jesus, who was thus far silently observing what was going on in Earth said; 

"No, they will hurt you too. Look, they've started dividing their own groups in to smaller groups."

"Well, looks like everything is going according to plan then, my good sirs.”, 
said the government official triumphantly, and descended down to the parliament.

http://colombogazette.com/2013/03/28/pepiliyana-fashion-bug-attacked/

You got blood on you

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140618_beruwala_displaced_muslims_video.shtml

They shot us dude!

තුවාලය

නුඹ

කසන

මම

විඳවන

83෴

පාහරයා

පාහරයා, උඹ කවුද? උඹ කවුරු උනත් උඹට මොකද? උඹ කවුද කියලවත් උඹ දන්නේ නෑ. උඹට මොනවද තියෙන්නේ කියල උඹ දන්නෙත් නෑ. දැනගනින්, උඹ කඩන ඇපල් වෙන එකෙක්ගේ වත්තක. උඹ බොන වතුර වෙන එකෙක්ගේ ටැප් එකක. උඹ ගන්න හුස්මත්, වෙන එකෙක්ගේ ජීවන සුවඳ. එතකොට උඹට කියලා මොනවද තියෙන්නේ? ඇයි උඹේ හිත? එක උඹ විකුණුවා නේද? උඹේ හෘද සාක්ෂිය? ඒකත් උඹ උකස් කළා නේද? උඹේ සංවේදීකම, සංයමය, චින්තනය, විශ්වාසය? උඹ ඒ ඔක්කොම බදු දීල. උඹේ කියල මුකුත්ම උඹට නෑ දැන්. උඹේ මහා ලොකු බහුතරේ. උඹේ පාරම්පරික ඉතිහාසේ. කෝ ඒවා? ඒවා උඹේ කියන්න, ඒවාට අයිතිවාසිකම් කියන්න, උඹ මොනවද ඒවාට කරලා තියෙන්නේ? අයිති නැති දේවල් වලට ගහගන්නවා. දන්නේ නැති දේවල් වලට කට දානවා. උඹ අන්තිමට කරලා තියෙන්නේ, වෙන එකෙක් ඇඳපු චිත්රයක් පාට කරපු එක විතරයි.


උඹ '83 කරෙත් ඕක. '94 කරෙත් ඕක. උඹත් තාමත් කරන්නේ ඒකමයි. උඹ විතරක් නෙමෙයි. උඹලා, උන්, අපි හැමෝම.

උඹ ඉපදුනා කියල මේ ලෝකේ වෙනස් වෙන්නේ නෑ. උඹ මැරුණා කියල මේ ලෝකේ වෙනස් වෙන්නෙත් නෑ. එත්, ඒ ඉපදීමයි මරණයයි අතර තියෙන ජීවිතෙන්, උඹට තවත් ජීවිත වෙනස් කරන්න පුළුවන්. එක නිසා ජීවත් වෙයන්. උඹ හීනෙන් දකින වෙනස, ඇස් දෙකෙන් දකින්න ඕනේ නම්, ඒ වෙනස ජීවත් වෙයන්. මහා ලොකු කෙරුමා උඹ. ඇඳපන් උඹේම කියලා චිත්රයක්. ඇඳලා පාට කරපන් ඒක උඹේ ජීවිතෙන් .


උඹට ඕනේ විදියට උඹ ඉපදෙන්නේ නෑ. උඹට ඕනේ විදියට උඹ මැරෙන්නෙත් නැති වෙයි. ඒක නිසා උඹට ඕනේ විදියට ජීවත් වෙයන්. පුළුවන් හැම වෙලාවකම ඇස් දෙක වහගෙන කෑගහපන් "මට මාව එපා" කියලා. එතකොට උඹට තේරෙයි, උඹට මොනවද ඕනේ කියලා.


කජු පුහුලන් වගේ මිනිස්සු අතරේ, සරුංගලයක් වෙන්න හදන, බොම්බයි මොටයි ජීවිතේ...


මිනිස්සු නිකන් කජු පුහුලන් වගේ. උඩින් ඔප වැටිලා. පාට වෙලා. පැණි රහයි, ටිකක් ඇඹුලයි. දැක්කම ආස හිතෙනවා. එත් පුහුලමට යටින් ලෙල්ල. තිත්තයි. කැතයි. හැකිලිලා, අඳුරු පාටයි. අත තිබ්බොත් කිරි ගෑවෙනව. කිරි ගෑවුනාම අත වන වෙනවා. එත්, ඒ කිරි ගාගෙන, අත වන කරගෙන, ලෙල්ල ඇරලා, මදේ එලියට ගත්තම තමයි රසම හරිය තියෙන්නේ.

මිනිස්සු ජීවත් වෙන්නේ නිකන් සරුංගල් වගේ. උඩට යන්න දඟලනවා. ඔහේ පාවී පාවී ඉන්න. හුලඟත් එක්ක ඒ මේ ඇත යන්න. සැහැල්ලුවට. බරක් නැතිව. එත්, පොලවට නූලකින් ඇදල බැඳලා තියෙන්නේ. නූලේ දුරට වඩා යන්න බෑ. නිදහස සීමිතයි. ඉතින් නිදහස ලබාගන්න නූලත් එක්ක සටන් කරනවා. හුළඟට වඩා වේගෙන් යන්න හදනවා. වෙර දාල අදිනවා. ඇදල අදල කොහොම හරි නූල කඩාගන්නවා. ඊට පස්සේ පියාඹනවා. තප්පර දහයකට විතර ඔහේ පාවෙනවා. නිදහස අත්විඳිනවා. ඊට පස්සේ කඩා වැටෙනවා. පොළවටම වැටෙනවා, අයෙත් උඩ යන්න බැරි වෙන්න. අන්න එතකොට තේරුම් ගන්නවා, අර නුලෙන් තමා අපි උඩ හිටියේ කියලා. නුල නැතුව, උඩ ඉන්න බෑ කියලා.


"ජීවිතේ නිකන් බොම්බයි මොටයි වගේ. පැටලිලා පැටලිලා ලෙහන්න බෑ. එත් රසයි."


එතකොට උඹ මොන වගේද? උඹ උඹ වගේ. උඹට චේ ගුවේරා වෙන්න බෑ. කාල් මාක්ස් වෙන්න බෑ. චර්චිල් වෙන්න බෑ. අඩුම ගානේ මර්වින් වෙන්නවත් උඹට බෑ. උඹ මොන සෙල්ලම් දැම්මත්, උඹ කොයි දේ කලත්, උඹ උඹම තමයි. ඇයි උඹ දුකෙන් වගේ? උඹට කවුරු වගේ වෙන්නද ඕනේ උනේ?


පාහරයා, උඹ උඹම තමයි.